මුල් පිටුව

Friday, August 27, 2010

දෙවියන් වෙතටයි!!!

සනා,
හලාවත.

2010.08.27

ප්‍රධාන දෙවියන්,
දිව්‍යලෝකය.

දෙවියන් වෙතටයි

දෙවියන් නාමයෙන් වාර්ෂිකව සිදුවෙන මහා පාපකර්මයක් පිළිබදවයි!!

සෑම වසරකම හලාවත මූන්නේෂ්වරම් කෝවිලේ සිදුවන සත්ව ඝාතනය ඔබ වහන්සේගේ දිව්‍ය නෙතට වැටී ඇත්දැයි මම නොදනිමි.

මිත්‍යා දෘෂ්ටියෙන් වියරුවැටී දෙවියන්ගේ නාමයද කෙලෙසමින් මේ සිදුකරන්නාවූ එළු ඝාතනය සළුපටු දෙයක් ලෙස දැකිය නොහැකිය. ‍සෑම වසරකම මෙම බිලි පූජාවට එළුවන් 300 ක් පමණ ඝාතනය වන අතර, ඒ සදහා අනුබල දෙන්නේ හින්දු බැතිමතුන්ට වඩා සිංහල බොදු ජනයා වීම ඛේදනීය තත්වයකි.

තමාගේ යහපතට තවත් සතෙකුගේ ජීවිතයක් මෙසේ විනාශ කිරීම නිවැරදිද?..

‍හින්දු දහම ප්‍රධාන ආගම වූ ඉන්දියාවේද මෙවැනි මිත්‍යාදෘෂ්ඨික බිලිපූජා තහනම් කර ඇතත්, ධර්මද්වීපය වූ මේ ලක් බිමේ මෙම තත්වය ඉතා හොදින් කෙරී යන බව ඔබ වහන්සේලාට පෙනෙනවා ඇත.

පසුගියදා මෙම බිලි පූජාවට භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවයක් ඇතිවූවත් කිසිදු ප්‍රතිඵලයක් නොමැති වීම ඉතාම කණගාටු දායකය.

අනේ දෙවියනේ මෙවැනි අපරාධ මේ ලක්දිවේ සිදුවන්නට ඉඩ දෙන්නේ ඇයි?..

ජනවාර්ගික අර්බුද වලට වඩා ආගමික අර්බුද දරුණු වැඩිය.. මේ හේතුවෙන් ‍රාජ්‍ය නායකයින් මේ පිළිබදව අවධානය යොමුකර සාකච්ඡා මගින් හෝ මෙය නැවැත්වීමට පියවර ගත යුතු බව මාගේ අදහසයි..

බෙද්ධයෙකු වශයෙන් මාගේ එක ඉල්ලීමක් ඇත. අනේ දෙවියනේ.. ඔබ වහන්සේලාගේ නමින් මේ කරණා වූ යක්ෂ වැඩේ නැවැත්වීමට අදාල බළධාරීන්ට නුවණ පහල කර දෙනු මැනවි..

මෙයට,
විශ්වාසී.
සනා..

5 comments:

Shadow/හේමලයා said...

කල්ප කාලාන්තරයක් බලා උන්නත් බලධාරීන්ට නම් ඔය කියන ඥානය පහළ වෙන්නේ නැත.නමුත් ඔය විරෝදය පළකිරීම භික්ෂූන් අතින් වීම ආගම් අතර ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ ඇත.Eg:කුඩා දරුවන් පැවිදි කිරීම ළමා අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස සලකා ඒය නතර කරන ලෙස ඉල්ලා හින්දු භක්තිකයන් පන්සල් ඉදිරිපිට උද්ඝ්හොශනය කලොත් කුමක් වේවිද?.කෙනෙකුගේ විශ්වාසයක් මිත්‍යා දෘශ්ඨිය ලෙස අප්ට සුලුකොට තැකිය නොහැකි බවත් සැලකිය යුතුය....

Naදී said...

හින්දු ආගමේ මේ ඇදහිලි වගේම අනිත් ආගම් වලත් විවිධ විශ්වාස එදත් අදත් කවදත් තිබුණා සහ තියනවා.නීතියයි සදාචාරයයි ආගමයි අසමබර වෙන්නේ මේ වගේ අවස්ථාවල තමයි. නීතිය හසුරුවන අයට මුනිවත රකින්න වෙන්නේ ඔය හේතුව නිසා.

priyantha said...

මාත් අත්සන් කලා ඕන්

Sanjaya Dissanayake said...

@ හේමාලයා : ඒකනම් එහෙම තමා.. ඒත් හේමාලයෝ ඕක ආගම් අතර ප්‍රශ්න ඇතිනොවන විදියට බලධාරීන්ට කටයුතු කරන්ඩ පුලුවන්නේ.. අනික ඉන්දියාවට පුලුවන් උනානම් ඇයි අපිට බැරි.. මමත් භික්ෂූන්ගේ මැදිහත්වීමනම් අනුමත කරන්නෑ.. ඒකෙන් තිබුනට වඩා ප්‍රශ්න ඇතිවෙන්ඩ පුලුවන්...

@ නදී : ඔව් නදී අක්කා.. ඒකනේ වැඩේ.. අපේඋං ඇස් කං පියාගෙන ඉන්නකොට තව හොද හොද වැඩ ‍වෙනවා...

@ ඒබී : අනේ තැක්ස් වේවා!!!

සංකල්ප said...

මමත් දැක්ක ටීවී එකෙන් ඔය සිද්ධිය. ඔය බිලි පුජා කරන්නේ දෙවි කෙනෙක්ට නෙමෙයි බන්. කාලි කියන යක්ෂනියට. දෙවිවරු බිලි පුජා භාර ගන්නවා කියල මන් නම් අහල නෑ. නමුත් යක්කු යක්ෂනියෝන්ට දොළ පිදේනි දෙන්න නම් ලේ ඕන කරනවා කියලා අහලා තියෙනවා. මොනවා උනත් කාට පුජා කලත් ඔය කරන වැඩේ වැරදියි. මේක ධර්මද්වීපය !!!!! එක අපි මතක තියා ගන්න ඕනේ. !!!